BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • දිවයිනේ පහළ වායු ගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද (නොවැ. 24) සහ ඉදිරි දිනවල වර්ෂාවේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඉදිරියේදී තද වැසි, ගංවතුර සහ නාය යාම් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති ප්‍රදේශ මොනවාද?

    දිවයිනේ පහළ වායු ගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද (නොවැ. 24) සහ ඉදිරි දිනවල වර්ෂාවේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, මෙම තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ය.

  • 2024 සැප්තැම්බර් 23 වන දින කොළඹදී, රටේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවල මුල් පිටු සහිතව විකිණීමට තබා ඇති ශ්‍රී ලාංකික පුවත්පත් සහිත කුටියක් පසුකර යන මිනිසෙක්.

    අරුණ පුවත්පතේ කර්තෘ CID කැඳවීම මාධ්‍යවේදීන් බිය ගැන්වීමක් ද?

    "ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ" යන සිරස්තලය යටතේ අරුණ පුවත්පතේ පළ කර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අද (නොවැම්බර් 24 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. කෙසේවෙතත්, එම කැඳවීම අනුව තමන් අද දිනයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොගිය බව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ ඉන්දීය ජාතික බිරිඳ වන සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් විවාහ උත්සවයේදී ගනු ලැබූ ඡායාරූපයක්.

    ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගත් ඉන්දීය වෛද්‍ය සිසුවිය කවුද?

    2002 වසරේදී ඉන්දියාවේ කාරෙක්කුඩි ජෝන් රෝහලේ උපත ලද සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් දකුණු ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික පවුලකින් පැවත එයි. ඇයගේ පියා එන්. රාමේෂ්වරන් වන අතර මව ප්‍රියා රාමේෂ්වරන් වේ. මේ වන විට ඇය වෛද්‍යවරියක් වීමේ අරමුණින් අයර්ලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිටියි.

  • වැට් බදු, ආදායම් බදු සහ වාහන ආනයනයෙන් ඇතුළුව රජය ලද දැවැන්ත බදු ආදායම හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රාථමික අතිරික්තයට ළඟ වීමට හැකිව ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    'භාණ්ඩාගාරය උතුරා යන තරම්' රජයට ආදායම් ලැබීමට බලපෑ හේතු 10ක්

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද වැඩි ම බදු ආදායම 2025 නොවැම්බර් 17 වන වන විට රැස් කර තිබේ.එම දෙපාර්තමේන්තුවට අනුව එහි අගය රුපියල් මිලියන 2002,241 ක් (බිලියන 2002.241)කි.2025 වසරේදී බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයට දක්වන අනුපාතය 14. 8 දක්වා ළඟාවනු ඇතැයි මුදල් අමාත්‍යංශය අපේක්ෂාකර තිබේ.

  • හින්දි සිනමා නළු ධර්මේන්ද්‍ර

    ධර්මේන්ද්‍ර: අහම්බයකින් සුපිරි තරුවක වූ හින්දි සිනමාවේ 'හී-මෑන්' දිවි රඟ මඬලින් බැස යයි

    ඔහුගේ පියා පන්ජාබයේ සනේවාල් ගම්මානයේ ගණිත ගුරුවරයෙකු වූ අතර, චිත්‍රපට නැරඹීම දුෂ්කර කාර්යයක් විය. කුඩා දරුවෙකුව සිටියදී, දිනක් ඔහු හොර රහසේ දිලිප් කුමාර්ගේ 1948 දී තිරගත වූ ෂහීඩ් චිත්‍රපටය නැරඹුවේ ය. ධර්මේන්ද්‍ර පැවසුවේ, චිත්‍රපටය සහ දිලීප් කුමාර් ඔහුගේ හදවතට මායා බලයක් ඇති කළ බවත්, එදින ඔහුගේ ඉරණම තීරණය වූවාක් මෙන් දැනුණු බවත් ය.

කෙටි වීඩියෝ

  • 'අපිට, Netflix හරි Sony හරි, නැත්නම් කවුරුහරි හරි කොළ එළියක් දෙනකම් ඉන්න වෙනවා.'
  • ත්‍රීරෝද රථයක් මතට ගසක් වැටීමෙන් සිර වී සිටි අය මුදාගත් මෙහෙයුම
  • Keyframe #1
  • Keyframe #7
  • Keyframe #1
  • Keyframe #4
  • කඩුගන්නාවේ නාය යෑමෙන් සිරවී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම්
  • සමහර සතුන් කළු සුදු ඇයි?
  • සංවිධායකයින් නිසා ඉවත්ව ගොස් විශ්ව රූ රැජිණ වුණු මිස් මෙක්සිකෝ.
  • Keyframe #6
  • Keyframe #5
  • Keyframe #1
  • Keyframe #9
  • මඩ ගිනි කන්දක් යනු කුමක් ද? ඒවා ඇති වෙන්නේ කොහොම ද?
  • ඉන්ටර්නෙට්හි අලෙවි වෙන යතුරු නොමැතිව වාහන සොරාගන්නා උපකරණ
  • 'Comet 31'/'Atlas' යනු කුමක්ද? එය පිටසක්වළ ජීවියෙකු නොවන්නේ ඇයි?
  • ආධුනික ඡායාරූප ශිල්පීන් පිරිසක්, සීල් කෙනෙක්ට තල්මසුන්ගෙන් බේරෙන්න උදව් වුණු අයුරු
  • Keyframe #7

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වීඩියෝ

විශේෂාංග

සමාජ මාධ්‍ය ඔස්සේ BBC News සිංහල Follow කරන්න

ජනප්‍රිය ලිපි