BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත

2019ට පෙර සිම් කාඩ් ලබාගත් ඔබ දැනගත යුත්තේ මොනවා ද?
2019 වසරට පෙර ලබා ගන්නා ලද ජංගම දුරතකන සිම් කාඩ් මිලියනයට වැඩි ගණනකට ලියාපදිංචි හිමිකරුවෙකු නොමැති බව හඳුනාගෙන ඇති අතර ඒවා ලියාපදිංචියට හෝ අක්‍රීය කිරීමට මෙන් ම නව සිම් කාඩ් ලබා දීමේ දී පවතින නීතිය යාවත්කාලීන කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

වැඩි ම අවධානයක් යොමු වූ ඉන්දියා - පකිස්ථාන ක්‍රිකට් සටනේ ජය ඉන්දියාවට
මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.ඒ, පාකිස්ථානය ලකුණු 61කින් පරාජයට පත් කරමිනි.

ඉන්දු - පකිස්ථාන තරගවලට මෙතරම් අවධානයක් ලැබී ඇත්තේ ඇයි?
දකුණු ආසියාවේ අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින භූ දේශපාලන මත ගැටුම් අද වන විට ක්‍රීඩා පිටියට ද පිවිස ඇති බව හොදින් දැක ගත හැකි වූයේ, පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ය.මෙම රටවල් දෙක අතර පැවැත්වෙන ක්‍රිකට් තරග කෙරෙහි අධික ප්‍රේක්ෂක අවධානයක් හිමි වීමට බලපා ඇති කරුණු පිළිබඳ විශ්ලේෂණයකි, මේ.

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?
අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය කෙරිණි. මෙම සිදුවීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

අවසන් හඬ පණිවුඩය: 'හුස්ම හිරවෙලා මැරෙන්න යන්නේ, අන්තිම දශමේ ඉන්නේ... අනේ මොනවා හරි කරන්න'
හේලස්සගේ කරුණාවතී සිතුවේ තම දෙමහල් නිවසේ ඇය සහ නාය යාම් අනතුරු ඇඟවීම් මත ආරක්ෂාව පතා තම නිවසට පැමිණි තම ඥාතීන් ආරක්ෂිතව සිටින බව ය.එහෙත්, ඇය නොසිතු පරිදි ගම්පොළ නගරයට නොනවත්වා ධාරාණිපාත වැසි ඇද හැළෙමින් තිබිණි.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග

අණ නොතකා රිය ධාවනය කරන්නන්ට වෙඩි තැබීමට පොලිසියට හැකි ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, නීතිඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා අවසර තිබෙන්නේ සීමිත අවස්ථාවන්වලදී පමණක් බව ය.

අලුතින් පැමිණෙන බදු කුලී නීතියට පෙර පැවති නීතිය සම්බන්ධයෙන් දේපළ හිමි ඔබ දැනගත යුතු කරුණු 5ක්
මෙම පනත යටතේ බදු කුලී ගිවිසුමක් මගින් බද්දට ලබා දී ඇති දේපළ ආපසු ලබා ගැනීම ඇතුළු නිවෙස් සහ දේපළ හිමියන් මුහුණ දෙන ගැටලුවලට අදාළව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් වේ.

විදෙස් රටක සිට සිගරට් ගෙන ඒම තහනම් ද? මත්පැන්වලට එම තහනම බලපානවා ද?
විදේශ රටක සිට මෙරටට පැමිණෙන විට සිගරට් ගෙන ඒම තහනම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඊට දෙස් විදෙස්හි වෙසෙන ලාංකිකයන්ගේ විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබේ.මීට දින තුනකට ඉහතදී ගුවන් තොටුපළ රේගුව විසින් විටින් විට අත්අඩංගුවට ගන්නා ලද සිගරට් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් විනාශ කරනු ලැබූ අතර, සිගරට් රැගෙන ඒම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ද පළවී තිබිණි.

අලුතින් එන කුලී නිවාස නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
මෙම පනතේ විධිවිධාන, යම් පරිශ්රයක නිත්‍යානුකූලව පදිංචි වී සිටින යට සහ පනතේ 3, 4, හෝ 5 යන වගන්තිවලින් නිශ්චිතව දක්වා ඇති සිද්ධි සිදුවීමට මාස තුනකට වැඩි කාලසීමාවක් ඒ පරිශ්‍රයේ නිරවුල්ව සහ අඛණ්ඩව පදිංචි වී සිටින්නන් හට අදාළ වේ.

ශ්‍රී ලංකාවට පූර්ණ නිදහසක් ලැබුණේ කොහොම ද? පෙබරවාරි 04 අප සමරන්නේ කුමක් ද?
ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා විධි විධාන ඇතුළත් "ලංකා ස්වාධීන පනත" 1947 නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබේ. ඒ වන විට සිටි බ්‍රිතාන්‍ය රජුගේ නියමය පරිදි එම පනත 1948 පෙබරවාරි 04 වනදා සිට ක්‍රියාත්මක වී තිබේ.

















































