Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

කුණ්ඩලිය

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

කුණ්ඩලිය විරාම ලක්‍ෂණය

විරාම ලක්‍ෂණයකුණ්ඩලිය නමිවේ. මෙය යෙදෙන්නේ කිසියම් ශබ්දයක් සංකේතවත් කිරීමට නොවන බැවින්සිංහල හෝඩියට අනුව අකුරක්වත් පිල්ලක් වත් නොවේ. වාක්‍යයක් හෝ ඡේදයක් හෝ අවසන් වන බව හඟවනු වස් මෙම කුණ්ඩලිය යෙදෙයි[1]. කුණ්ඩලිය, සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්‍ෂණයකි[තහවුරු කර නොමැත].

ඉතිහාසය

පුරාණ සිංහලයෝ සිය ලේඛණ කටයුතු සිදු කළේපුස්කොළ පොත් මතපන්හිඳක් මගින් ලිවීමෙනි. පුස්කොළ පොත මත පන්හිඳෙන් ලිවීමේ දී වාක්‍ය දෙකක් වෙන් කිරීමට නැවතීමේ තිතක් තැබුවහොත් පුස්කොළ පොත ඉරී යාමට ඉඩ ඇති නිසා, පුස්කොළ පොතට හානියක් නොවී පහසුවෙන් සලකුණු කළ හැකි කුණ්ඩලිය භාවිතයට පැමිණි බව මේ සම්බන්ධ එක් මතයකි[2][3].

සිංහල යතුරු පුවරුවෙහි භාවිතය

මෙම සළකුණ පරිගණක ආශ්‍රයෙන් සකස් කරනු ලබන කිසියම් ලිපියකට අන්තර්ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා නවවිජේසේකර යතුරුපුවරුව - සිංහල යුනිකේත ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන තිබිය යුතුය. එහිදී සිංහල භාෂාව තෝරාගෙන යතුරු පුවරුවෙහි දකුණුපස alt යතුර (AltGr) සමඟ නැවතීමේ තිත (' යතුර) එකවිට යෙදිය යුතුය.

නූතන භාවිතය

මෑත කාලීන සිංහල ලේඛණ වල කුණ්ඩලිය බහුලව නොයෙදෙන නමුත් සමහර ස්වාධීන ලේඛකයන් (විශ්‍ෂෙයෙන්මබ්ලොග්කරුවන්) විසින් එය යම් අවස්ථා වලදී භාවිත කරනු දැකිය හැක. සමහර කලාත්මක ලේඛනවල දී මාතෘකාවක පෙනුම ඔපවත් කිරීමට එය දෙපසින් කුණ්ඩලිය සලකුණු දෙකක් (විරාම ලකුණක් ලෙස නොව මෝස්තරයක් ලෙස) යොදා භාවිත කරන අයුරුද දැකිය හැකි වේ.

කුණ්ඩලිය භාවිතාකල මෑත කාලීන ලියවිලි අතර 2009 වසරේදී ශ්‍රීලංකා කැබිනට් අනුමැතිය ලද ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය සැලකිය හැක. එම ලියවිල්ලේ සිංහල සංස්කරණයේ පමණක් නොව දෙමළ සහ ඉංග්‍රීසි සංස්කරණ වලද අවසානය කුණ්ඩලියක් මගින් හුවා දක්වාඇත.

යුනිකෝඩ්

පරිගණකයේ භාවිතය සඳහාජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (ISO) විසින් සම්මත කරන ලද සිංහල හෝඩියජාත්‍යන්තර පරිගණක සිංහල හෝඩිය යනුවෙන් හැඳින්විය හැක.ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් 1996 දී ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනා පරිදී 1998 දී මෙම හෝඩිය සම්ම්ත වී ඇත.

වසර 2000 දීඇමෙරිකා එක්සත් ජනපදයෙහියුනිකෝඩ් එක්තැන්සමිය (The Unicode Consortium) විසින් පළ කරන ලදThe Unicode Version 3.0(යුනිකෝඩ් 3.0 වන වෙළුම) නමැති ප්‍රකාශනයෙහි 426 පිටුවෙහි මෙම හෝඩිය මුල් වරට ඉදිරිපත් කොට ඇත. එහි අක්ෂර ගණන 61 කි. මෙම සංකේතාවලියෙහි අවසානයටකුණ්ඩලිය නමැති ලකුණ එයි.

බාහිර සබැඳි

යොමු සටහන්

  1. ^මහාබෝධිවංශ ග්‍රන්ථ පදය-ප්‍රස්තාවනාව - WIKIBOOKS
  2. ^[1]සංරක්ෂණය කළ පිටපත 2011-08-20 at theWayback Machine, කුණ්ඩලිය භාවිත කළ බව මෙහිද සඳහන්.
  3. ^සිංහල යුනිකෝඩ් වංශ කතාව - ලාංකීය සිතුවිලි, පුස්කොළ පොත් ඉරීයාම වැළැක්වීමට කුණ්ඩලිය භාවිත කළ බවට මතයක් මෙහි ඉදිරිපත් වෙයි.


"https://si.wikipedia.org/w/index.php?title=කුණ්ඩලිය&oldid=721649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ගය:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp