Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ස්කන්ධය

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්(1642-1727)

ස්කන්ධය යනු, නිරික්ෂිත ආචාරයන් කිහිපයක් පැහැදිලි කිරීමට භෞතීය විද්‍යාවන්හීදී භාවිතා කෙරෙන්නාවූ සංකල්පයක් වන අතර, එදිනෙදා භාවිතයෙහිදී, මෙම චර්යාවන් හා සමග ස්කන්ධය හැඳින්වීම ස්වභාවික වේ. විශේෂිත වශයෙන්, ස්කන්ධය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේබර හා සමගිනි. එහෙත් අපගේ නූතන විද්‍යාත්මක අවබෝධය අනුව, වස්තුවකබර හටගන්නේ එහි ස්කන්ධය හාගුරුත්වජ ක්ෂේත්‍රයක් හා සමග ඇතිවූ අන්තර්ක්‍රියාව හේතුවෙන් බැවින්, බර විවරණය කිරීමේදී ස්කන්ධය පාර්ශවික කාර්ය භාරයක් ඉටු කරන නමුත්, පූර්ණ විවරණය ඉටු නොකරයි.

නිදසුනක් ලෙසින්, පෘථිවිය මත බර පොදියක් උසුපනතැපැල්කරුවෙක්, එහි අන්තර්ගත ස්කන්ධය‍ට අනුරූප බරක් අත්විඳිනු ඇත. කෙසේවුවත්, එම පොදියම ස‍‍ඳෙහිදී බර අඩු වන අතර ඉසිලීම පහසු වනු ඇත. එබැවින්, ස්කන්ධය යනු, පොදිය ඉසිලීමට අපහසුතාවය සඳහා හේතු අතුරින් එකක් පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්කන්ධය&oldid=769694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

[8]ページ先頭

©2009-2025 Movatter.jp