මෙම ලිපිය ජල ස්කන්ධයන් පිළිබඳ වෙයි.
ලා ජොල්ලා, කැලිෆෝනියාහීකැටලිනා බොක්කෙහි මුහුද
මුහුද,ලෝක සාගරය, හෝ සරල වශයෙන්සාගරය යනු, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනලවණ ජලයස්කන්ධයකි. එය විසින් පෘථිවියෙහි දේශගුණය මධ්‍යස්ථතා කරන අතර,ජල චක්‍රය,කාබන් චක්‍රය, සහනයිට්‍රජන් චක්‍රය තුල වැදගත් භූමිකාවන් ඉටු කරයි. පුරාතන කාලයේදී සිටම මුහුදු මතින් යාත්‍රා කොට ගවේෂණය කර තිබුනද, මුහුද පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය—සාගර විද්‍යාව—පුළුල් වශයෙන් ඇති වූයේ, 1768 සහ 1779 අතරශාන්තිකර සාගරය ගවේෂණය කළ කපිතාන් ජේම්ස් කුක්ගේ ජලයාත්‍රණයන්ට අනතුරුවය.භුගෝල විද්‍යාවෙහි, "මුහුද" යන වචනය භාවිතා වන්නේ, ප්‍රමාණයෙන් කුඩා, අර්ධ වශයෙන් භූමියෙන් වටවූ සාගර කොටස් වලට නිදසුනක් වශයෙන්අයිරිෂ් මුහුද, වන අතර, "සාගරය" යන්න භාවිතා වන්නේ,විශාලතම කොටස් පහෙහි නම් සඳහා, නිදසුනක් ලෙසින්ශාන්තිකර සාගරය, වෙයි.
මුහුදු ජලයෙහි බහුලතම ලෙසින් හමු වන අයන වන්නේක්ලෝරයිඩ සහසෝඩියම් වෙයි. ජලයෙහි,මැග්නීසියම්,සල්ෆේට්,කැල්සියම්,පොටෑසියම් සහ, වෙනත් බොහෝ කොටස්ද ඇති අතර, සමහරක් ඇත්තේ ක්ෂුද්‍ර සාන්ද්‍රණ වලිනි.ලවණතාව විශාල ලෙසින් වෙනස් වන අතර, පෘෂ්ඨය අබියස සහ විශාල ගංගාවන් මුව දොර අබියස එය අවම මට්ටමක් දරන අතර සාගර පතුලෙහි එය මහත් අගයයක් දරයි; කෙසේවෙතත් දාව්‍ය ලවණයන්හීසාපේක්ෂ සමානුපාතයන් සාගරයෙන් සාගරයට වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. වර්තමානයේදී වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අතිමහත් ප්‍රමාණ වලින් මුහුදු විසින් අවශෝෂණය කරමින්, මුහුදු ජලයේ pH අගය අඩු කරමින්සාගර ආම්ලීකරණය නම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර, නුදුරු අනාගතයෙහිසාමුද්‍රික පරිසර පද්ධතීන්ට හානි සිදු කරනු ඇත.
|
|---|
| ජාත්‍යන්තර | |
|---|
| ජාතික | |
|---|
| භූගෝලීය | |
|---|
| වෙනත් | |
|---|