බලයන් සාමාන්‍යයෙන් විස්තර නෙරෙනුයේ ඇදීම් හෝ තෙරපීම් හෝ ලෙසිනි.ගුරුත්වය ,චුම්බකත්වය , හෝ ස්කන්ධයක් ත්වරණයකට ලක් කල හැකි වෙනත් ඕනෑම දෙයක් වැනි සංසිද්ධින් හේතුවෙන් මේවා ඇති විය හැක. භෞතික විද්‍යාවෙහි ,බලය ක් යනුස්කන්ධය සහිත වස්තුවකප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි.[ 1] බලයකටවිශාලත්වය ක් සහදිශාව ක් යන ද්වයම සතු වීම නිසා , එයදෛශික රාශියක් බවට පත්වෙයි.නිව්ටන් ගේ දෙවන නියමය පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූශුද්ධ බලය ට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහිගම්‍යතාවය වෙනස්වීමෙහිසිඝ්රතාවය ට සමාන වෙයි .[ 2] තෙරපුම ද බලන්න.
ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවාභ්රමණය ට හෝවිරූපී විම ට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදීපීඩනය වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටාභ්‍රමණ වේගයන් හී වෙනස් කම් ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේව්‍යවර්තය ලෙසිනි. බලයක ඝූර්ණය (moment of force ) හෙවත් බල-ඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූප්‍රත්‍යාබලයන් හේතුවෙනි.[ 3] [ 4]
නිශ්චල සහචලනය වන්නාවූ වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ.සරල යන්ත්‍ර ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදීආකිමීඩියස් විසින් යම් ප්‍රගමනයන් බිහි කලද,[ 5] මූලික වැරැදි නිගමනයන් සහිතවූඇරිස්ටෝටල් විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට,ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි.[ 4] 20වන සියවස වන විට,අයින්ස්ටයින් විසින් ඔහුගේසාමාන්‍ය සාපේක්ෂතා වාදය මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින්අවකාශ-කාල සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.
සම්මත මාදිළිය ලෙසින් හැඳින්වෙනඅංශු භෞතික විද්‍යාව පිලිබඳ මෑත වාදයන් හිදී බලයන් සැලකෙනුයේක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාමය මට්ටම් ලෙසිනි. සම්මත මාදිළිය පුරෝකථනය කරන පරිදී,ආමාන බොසෝනය න් ලෙසින් දැක්වෙන හුවමාරු අංශුන් උපයෝගී කර ගනිමින් මූලික වශයෙන් බලයන් විමෝචනය හා අවශෝෂණය සිදු කෙරෙයි. ප්‍රධාන අන්තර්-ක්‍රියාවන් සතරක් පමණක් දැනට හඳුනාගෙන ඇත: ප්‍රබලතාවය අඩුවන ආකාරයට, ඒවා:ප්‍රබල ,විද්‍යුත්චුම්බක ,දුබල , සහගුරුත්වජ ලෙසින් දැක්වෙයි.[ 3] 1970 ගණන් හා 1980 ගණන් වලදී සිදු කලඅධි-ශක්ති භෞතික විද්‍යාත්මක නිරීක්ෂණය න් අනුව තහවුරු වූයේ දුබල සහ විද්‍යුත් චුම්බක බලයන් යනු වඩාත් මූල-ධාර්මිකවිද්‍යුත්දුබල අන්තර්ක්‍රියාවක භාව ප්‍රකාශයන් බවය.[ 6]
^ "glossary" .Earth Observatory .NASA . සම්ප්‍රවේශය2008-04-09 .Force: Any external agent that causes a change in the motion of a free body, or that causes stress in a fixed body. ^ See for example pages 9-1 and 9-2 of Feynman, Leighton and Sands (1963). ^a b e.g.Feynman, R. P., Leighton, R. B., Sands, M. (1963).Lectures on Physics, Vol 1 . Addison-Wesley. {{cite book }}: CS1 maint: multiple names: authors list (link ) ;Kleppner, D., Kolenkow, R. J. (1973).An introduction to mechanics . McGraw-Hill. {{cite book }}: CS1 maint: multiple names: authors list (link ) . ^a b University Physics , Sears, Young & Zemansky, pp18–38^ Heath,T.L."The Works of Archimedes (1897). The unabridged work in PDF form (19 MB)" .Archive.org . සම්ප්‍රවේශය2007-10-14 . ^ Weinberg, S. (1994). Dreams of a Final Theory. Vintage Books USA.ISBN 0-679-74408-8 බලය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
බලය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
Linear/translational quantities Angular/rotational quantities Dimensions 1 L L2 Dimensions 1 θ θ 2 T time :t s absement :A m s T time :t s 1 distance :d ,position :r ,s ,x ,displacement m area :A m2 1 angle :θ ,angular displacement :θ rad solid angle :Ω rad2 , sr T−1 frequency :f s−1 ,Hz speed :v ,velocity :v m s−1 kinematic viscosity :ν ,specific angular momentum : h m2 s−1 T−1 frequency :f s−1 ,Hz angular speed :ω ,angular velocity :ω rad s−1 T−2 acceleration :a m s−2 T−2 angular acceleration :α rad s−2 T−3 jerk :j m s−3 T−3 angular jerk :ζ rad s−3 M mass :m kg weighted position: M ⟨x⟩ = ∑ m x ML2 moment of inertia : I kg m2 MT−1 Mass flow rate :m ˙ {\displaystyle {\dot {m}}} kg s−1 momentum :p ,impulse :J kg m s−1 ,N s action :𝒮 ,actergy :ℵ kg m2 s−1 ,J s ML2 T−1 angular momentum :L ,angular impulse :ΔL kg m2 s−1 action :𝒮 ,actergy :ℵ kg m2 s−1 ,J s MT−2 force :F ,weight :F g kg m s−2 ,N energy :E ,work :W ,Lagrangian :L kg m2 s−2 ,J ML2 T−2 torque :τ ,moment :M kg m2 s−2 ,N m energy :E ,work :W ,Lagrangian :L kg m2 s−2 ,J MT−3 yank :Y kg m s−3 , N s−1 power :P kg m2 s−3 , W ML2 T−3 rotatum :P kg m2 s−3 , N m s−1 power :P kg m2 s−3 , W