Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

බත්

විකිපීඩියා වෙතින්
මේවාත් බලන්න:බත් වර්ග
ඉංග්‍රීසි රයිස් (rice) යන වදන සඳහා සිංහලෙන් වන පද සඳහා,Rice (බහුරුත්හරණය) බලන්න
බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද මස්

බත් යනසිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහව්‍යංජන(Rice & Curry) අදහස් කෙරේ. මෙයශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත.

ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වේලක අඬංගු වන දේවල් පහත සඳහන් වේ.

  • පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම්කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
  • මාංශ ව්‍යංජනයක් (මෙය මස්, මාළු හෝ කරවල ව්ය හැක.මෙම ව්‍යංජනය පොල් කිරි වලින් සාදා ඇති නිසා මද ඝන හොද්දකින් සමන්ව්ත වේ)
  • රනිල ඇට වර්ගයක්
  • එළවළු ව්‍යංජනයක්
  • බැදුමක (උදා:පපඩම්)
  • සම්බෝලයක්, මැල්ලුමක් හෝසලාදයක්
ශ්‍රී ලාංකික රතු සහලෙන් පිසූ බත් හා සමග කුකුළු මස්, බෝංචි, සලාද, අර්තාපල්, පලා කොළ, හා පපඩම්

සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ. එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය. ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික ආසියානු රටක් වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි. ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේඹෟෂධ සහකුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තාමිරිස්,කරඳමුංගු,සේර,උළුහාල් සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන් වැඩිය. එයට මූලිකම හේතුව වන්නේ මිරිස් භාවිතයයි. ශ්‍රි ලංකාවේ ආහාර වේල සඳහා වැඩි වශයෙන් කුළුඛඩු යොදා ගන්නා නිසා විදේශිකයන් එම ආහාර වලට වැඩි කැමැත්තක් නොදක්වයි. එම නිසා බොහෝ ශ්‍රි ලාංකේය හෝටල් වල විදේශිකයන්ට ඉතා අඩු මුදලකට දේශීය ආහාර අලෙව් කරන අතර තවත් සමහර හෝටල් වල විදේශිකයන්ට වෙන්වූ ආහාර වට්ටෝරු පවතී.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බත්&oldid=554577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp