ජාතික කොඩිය| අගනුවර | ඇන්කාරා |
| විශාලම | ඉස්තාන්බූල් |
| රාජ්‍ය භාෂාව | ටර්කිෂ් |
| රාජ්‍යය | පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
| නිර්මාතෘ | මුස්තයා කෙමල් අතාතුර්ක් |
| ජනාධිපති | අබ්දුල්ලා ගුල් |
| අගමැති | රීසිප් ටැයීප් ඒර්ඩොගැන් |
| පාර්ලිමේන්තු කථානායක | මෙන්මට් අලි සාහින් |
| වර්ග ප්‍රමාණය | එකතුව - 783,562 වර්ග කිලෝමීටර, 302,535 වර්ග සැතපුම් |
| ජලය (%) | 1.3 |
| ජනගහනය | 2009 තක්සේරුව - 72,561,312 |
| ඝනත්වය | 92.6 වර්ග කිලෝමීටර, 239.8 වර්ග සැතපුම් |
| දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 915.212 බිලියන |
| ඒක පුද්ගල ආදායම | ඩොලර් 13,138 |
| දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 729.983 බිලියන |
| ඒක පුද්ගල ආදායම | ඩොලර් 10,479 |
| ගිනි (2005) | 38 (මධ්‍යය) |
| මානව සංවර්ධන දර්ශකය(2007) | 0.806 (ඉහළ) |
| මුදල් | ටර්කිෂ් ලයිරා (TRY) |
| මං තීරුව | දකුණ |
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන්අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණයුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින්බල්ගේරියාව, බටහිරින්ග්‍රීසිය,ඊසාන දෙසින්අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිරඉරානය, ගිනිකොණ දෙසින්ඉරාකය සහසිරියාව, දකුණු දෙසින්මධ්‍යධරණී මුහුද හාසයිප්‍රසය, බටහිර දෙසින්එයිගියන් මුහුද සහ උතුරින්කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවරඅන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්‍රාප්තිකයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය,නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේයුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත.
Turkey හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.