Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ජුදා ආගම

විකිපීඩියා වෙතින්
Part ofa series on
යුදෙවු ආගම
Star of DavidTen CommandmentsMenorah

ජුදා ආගම යනු,යුදෙව් ජනයාගේආගම,දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි.[1] ජුදා ආගම,ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, (ටනාහ් යනුවෙන්ද හැඳින්වෙන)හෙබ්‍රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර,ටල්මූඩ් වැනි පසුකාලීන ග්‍රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙවුවන් විසින් ජුදා ආගම සැලකෙන්නේ,ඊශ්‍රායෙලයේ දරුවන් හා සමගදෙවියන්වහන්සේ ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාර සම්බන්ධතාවයක් ලෙසිනි.[2]

ජුදා ආගම සජාතීය ආගමක් නොවන අතර, මත ප්‍රවාහ සහ අදහස් කිහිපයක් හා සමබර එකඟතාවයක් මත පිහිටයි. වර්තමානයේ, වඩාත් ප්‍රචලිත ප්‍රවාහය වන්නේරෙබෙනික ජුදා ආගම වන අතර, එහිදී පිළිගැනෙන්නේ,ලිඛිත සහවාචික ටෝරා යන දෙයාකාරයටම,සීනායී කන්දෙහිදී දෙවියන්වහන්සේ විසින්, උන්වහන්සේගේ නීති සහපණත්මෝසෙස් වෙත හෙළිකල බවයි.[3] ඓතිහාසික වශයෙන්, මෙම නිර්ධාරණය,දෙවන දේවමාලිගය යුගයේදීසද්දුසිවරු සහහෙලනිස්තික ජුදා ආගම; මුල්කාලීන හා පසුකාලීන මධ්‍යතන යුගයන්හිදීකැරඅයිට්වරු සහසබේෂන්වරු;[4] සහ නූතනප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ගේ ඛණ්ඩයන් වැනි බොහෝ කණ්ඩායම් විසින් අභියෝගයට ලක් කරන ලදි. නූතන කාලයේමානවවේදී ජුදා ආගම වැනි ලිබරල් ව්‍යාපාරයන්,අදේවවාදී විය හැක.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ජේකබ්ස්, ලුවිස් (2007). "ජුඩයිසම්". In ෆ්‍රෙඩ් ස්කොල්නික් (ed.).එන්සයික්ලොෆීඩියා ජුඩයිකා. Vol. 11 (2d ed.). ෆාර්මින්ටන් හිල්ස්, මිචි.: තොම්සන් ගේල්. p. 511.ISBN 978-0-02-865928-2.ජුඩයිසම්, ද රිලිජන්, ෆිලොසෆි, ඇන්ඩ් වේ ඔෆ් ලයිෆ් ඔෆ් ද ජූස්.
  2. ^"නොලේජ් රිසෝර්සර්ස්: ජුඩයිසම්".බර්ක්ලි සෙන්ටර් ෆෝ රිලිජන්, පීස් ඇන්ඩ් වර්ල්ඩ් අෆෙයාර්ස්. සම්ප්‍රවේශය2011-11-22.
  3. ^"වට් ඊස් දි ඕරල් ටෝරා?". Torah.org. සම්ප්‍රවේශය2010-08-22.
  4. ^"කැරඅයිට් ජුවිෂ් යුනිවර්සිටි". Kjuonline.com. සම්ප්‍රවේශය2010-08-22.
"https://si.wikipedia.org/w/index.php?title=ජුදා_ආගම&oldid=727888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

[8]ページ先頭

©2009-2025 Movatter.jp