Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ඔටිසම්

විකිපීඩියා වෙතින්
ඔටිසම්
Boy stacking cans
වස්තූන් නැවත නැවතත් ගොඩගැසීම හෝ පෙළගැස්වීම සාමාන්‍යයෙන් ඔටිසම් රෝගය සමඟ සම්බන්ධ වේ.
විශේෂතාවමනෝචිකිත්සාව
රෝග ලක්‍ෂණසමාජ අන්තර්ක්‍රියා සමඟ ගැටළු, දුර්වලසන්නිවේදනය, සීමිත උනන්දුව, පුනරාවර්තන හැසිරීම[1]
Usual onsetවයස අවුරුදු දෙක හෝ තුන වන විට[2][3]
කාලපරාසයදිගු කාලීන[2]
හේතුජානමය සහ පාරිසරික සාධක[4]
රෝග විනිශ්චය ක්‍රමහැසිරීම් සහ සංවර්ධන ඉතිහාසය මත පදනම්ව[2]
Differential diagnosisප්‍රතික්‍රියාශීලී සම්බන්ධන ආබාධය,බුද්ධිමය ආබාධිතභාවය,භින්නෝන්මාදය[5]
ප්‍රතිකාරචර්යාත්මක චිකිත්සාව,කථන චිකිත්සාව,මනෝචිකිත්සක ඖෂධ[6][7][8]
ඖෂධප්‍රති-මනෝවිරෝධක,විරෝධක,උත්තේජක (ආශ්‍රිත රෝග ලක්ෂණ)[9][10][11]
Prognosisනිතර දුර්වලයි[12]
සංඛ්‍යාතයමිලියන 24.8 (2015)[13]

ඔටිසම් යනු සමාජ අන්තර්ක්‍රියා සහ සන්නිවේදනයේ දුෂ්කරතා සහ සීමිත හා පුනරාවර්තන හැසිරීම් යනාදිය මගින් සංලක්ෂිත සංවර්ධන ආබාධයකි.[3] දෙමව්පියන් බොහෝ විට තම දරුවාගේ ජීවිතයේ මුල් වසර තුන තුළ රෝග ලක්ෂණ නිරීක්ෂණය කරනු ලැබේ.[1] මෙම ලක්ෂණ බොහෝ විට ක්‍රමයෙන් වර්ධනය වන නමුත්, ඔටිසම් රෝගයෙන් පෙළෙන සමහර දරුවන් සාමාන්‍ය වේගයකින්සංවර්ධන සන්ධිස්ථාන කරා ළඟා වූ පසු ඔවුන්ගේ සන්නිවේදන සහ සමාජ කුසලතා නරක අතට හැරේ .[14]

ඔටිසම් රෝගය ජානමය හා පාරිසරික සාධකවල එකතුවක් සමඟ සම්බන්ධ වේ.[4] ගර්භණී සමයේදී ඊට හේතු කාරක වන අවදානම් සාධක අතරටරුබෙල්ලා, වැල්ප්‍රොයික් අම්ලය ඇතුළු විෂ ද්‍රව්‍ය,මධ්‍යසාර, කොකේන්,පළිබෝධනාශක, ඊයම් සහවායු දූෂණය, යනාදිය මෙන්ම භ්‍රෑණ වර්ධන සීමා කිරීම් සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වැනි ඇතැම් ආසාදන ඇතුළත් වේ.[15][16][17]අනෙකුත් යෝජිත පාරිසරික හේතූන් වටා යම් යම් මතභේදයන් ඇත; උදාහරණයක් ලෙස, වර්තමානයේ ප්‍රතික්ෂේප කර ඇති එන්නත් කල්පිතය සඳහන් කල හැක.[18] ඔටිසම් රෝගය මොළයේ තොරතුරු සැකසීමට සහ ස්නායු සෛල සහ ඒවායේ සම්පර්කන සම්බන්ධ වී සංවිධානය වන ආකාරය කෙරෙහි බලපානු ලැබේ. කෙසේ වෙතත් මෙය සිදුවන ආකාරය තවමත් හොඳින් වටහාගෙන නොමැත.[19] මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොත (DSM-5), ඔටිසම් සහඇස්පර්ජර් සින්ඩ්‍රෝමය සහ වෙනත් ආකාරයකින් නිශ්චිතව දක්වා නොමැති ව්‍යාප්ත සංවර්ධන ආබාධය (PDD-NOS) ඇතුළු තත්වයේ අඩු දරුණු ආකාර ඔටිසම් වර්ණාවලී ආබාධය (ASD) රෝග විනිශ්චය සඳහා ඒකාබද්ධ කරයි.[20]

මුල් කාලීන හැසිරීම් පාලන මැදිහත්වීම හෝකථන චිකිත්සාව මගින් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට ස්වයං රැකවරණය, සමාජීය සහ සන්නිවේදන කුසලතා ලබා ගැනීමට උපකාරී වේ.[6][7] දන්නා ප්‍රතිකාරයක් නොමැති වුවද,[6] සුවය ලැබූ දරුවන් පිළිබඳව වාර්තා වූ අවස්ථා තිබේ.[21] සමහර ඔටිසම් රෝගීන්ට ස්වාධීනව ජීවත් වීමට නොහැකිය.[12] ඔටිසම් වටා යම් සංස්කෘතියක් වර්ධනය වී ඇති අතර, ඒ අනුව සමහර පුද්ගලයින් ඒ සඳහා ප්‍රතිකාරයක් සොයන අතර තවත් සමහරු විශ්වාස කරන්නේ ඔටිසම් රෝගය සුව කිරීම වෙනුවට එයට අනුගත විය යුතු වෙනසක් ලෙස පිළිගත යුතු බවයි.[22][23]

2015 වන විට[update] ගෝලීය වශයෙන් ඔටිසම් රෝගය මිලියන 24.8 කට බලපාන බවට ගණන් බලා ඇත.[13] 2000 ගණන්වලදී, ලොව පුරා පුද්ගලයින් 1,000 කට 1-2 ක් ලෙස බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව ඇස්තමේන්තු කර ඇත.[24] එක්සත් ජනපදයේ 2000 දී 0.7% සිට,[25] 2017 වන විට[update] දියුණු රටවල ළමුන්ගෙන් 1.5% ක් පමණ ඔටිසම් වර්ණාවලී ආබාධ (ASD) රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත.[26] එය කාන්තාවන්ට වඩා පිරිමින් තුළ හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩිය.[25] 1960 ගණන්වල සිට රෝග විනිශ්චය කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති අතර, එය අර්ධ වශයෙන් රෝග විනිශ්චය කිරීමේදී යොදා ගන්නා භාවිතයන්ගේ වෙනස්කම් නිසා ද සිදුවිය හැකිය.[24] සැබෑ අනුපාත වැඩි වී තිබේද යන ප්‍රශ්නය තවමත් විසඳී නොමැත.[24]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^abLanda RJ (2008)."Diagnosis of autism spectrum disorders in the first 3 years of life".Nat Clin Pract Neurol.4 (3): 138–147.doi:10.1038/ncpneuro0731.PMID 18253102.
  2. ^abc"NIMH " ඔටිසම් වර්ණාවලී ආබාධය".nimh.nih.gov. 2016 ඔක්තෝබර්. 21 අප්‍රේල් 2017 දිනමුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017 අප්‍රේල් 20.{{cite web}}:Check date values in:|access-date= and|date= (help);Invalid|url-status=සජීවී (help)
  3. ^abAutism Spectrum Disorder, 299.00 (F84.0). In: American Psychiatric Association. Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition. American Psychiatric Publishing; 2013.
  4. ^abChaste P, Leboyer M (2012)."Autism risk factors: genes, environment, and gene-environment interactions".Dialogues in Clinical Neuroscience.14 (3): 281–292.PMC 3513682.PMID 23226953.
  5. ^Corcoran J, Walsh J (9 පෙබරවාරි 2006).සමාජ වැඩ ප්‍රායෝගිකව සායනික තක්සේරුව සහ රෝග විනිශ්චය. Oxford University Press, New York. p. 72.ISBN 978-0-19-516830-3.LCCN 2005027740.OCLC 466433183.
  6. ^abcMyers SM, Johnson CP (November 2007)."Management of children with autism spectrum disorders".Pediatrics.120 (5): 1162–1182.doi:10.1542/peds.2007-2362.PMID 17967921. 2019-03-23 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය2020-08-06.
  7. ^abSanchack KE, Thomas CA (December 2016). "Autism Spectrum Disorder: Primary Care Principles".American Family Physician.94 (12): 972–979.PMID 28075089.
  8. ^Sukhodolsky DG, Bloch MH, Panza KE, Reichow B (November 2013)."Cognitive-behavioral therapy for anxiety in children with high-functioning autism: a meta-analysis".Pediatrics.132 (5): e1341-50.doi:10.1542/peds.2013-1193.PMC 3813396.PMID 24167175.
  9. ^Ji N, Findling RL (March 2015). "An update on pharmacotherapy for autism spectrum disorder in children and adolescents".Current Opinion in Psychiatry.28 (2): 91–101.doi:10.1097/YCO.0000000000000132.PMID 25602248.
  10. ^Oswald DP, Sonenklar NA (June 2007). "Medication use among children with autism spectrum disorders".Journal of Child and Adolescent Psychopharmacology.17 (3): 348–355.doi:10.1089/cap.2006.17303.PMID 17630868.
  11. ^Doyle CA, McDougle CJ (September 2012)."Pharmacologic treatments for the behavioral symptoms associated with autism spectrum disorders across the lifespan".Dialogues in Clinical Neuroscience.14 (3): 263–279.PMC 3513681.PMID 23226952.
  12. ^abSteinhausen HC, Mohr Jensen C, Lauritsen MB (June 2016). "A systematic review and meta-analysis of the long-term overall outcome of autism spectrum disorders in adolescence and adulthood".Acta Psychiatrica Scandinavica.133 (6): 445–452.doi:10.1111/acps.12559.PMID 26763353.
  13. ^abGBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators (8 October 2016)."Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990–2015: a systematic analysis for the Global Burden of Disease Study 2015".Lancet.388 (10053): 1545–1602.doi:10.1016/S0140-6736(16)31678-6.PMC 5055577.PMID 27733282.{{cite journal}}:|last= has generic name (help)CS1 maint: numeric names: authors list (link)
  14. ^Stefanatos GA (2008). "Regression in autistic spectrum disorders".Neuropsychol Rev.18 (4): 305–319.doi:10.1007/s11065-008-9073-y.PMID 18956241.
  15. ^Ornoy A, Weinstein-Fudim L, Ergaz Z (2015). "Prenatal factors associated with autism spectrum disorder (ASD)".Reproductive Toxicology.56: 155–169.doi:10.1016/j.reprotox.2015.05.007.PMID 26021712.
  16. ^Vohr BR, Poggi Davis E, Wanke CA, Krebs NF (2017). "Neurodevelopment: The Impact of Nutrition and Inflammation During Preconception and Pregnancy in Low-Resource Settings".Pediatrics (Review).139 (Suppl 1): S38–S49.doi:10.1542/peds.2016-2828F.PMID 28562247.
  17. ^Samsam M, Ahangari R, Naser SA (2014)."Pathophysiology of autism spectrum disorders: revisiting gastrointestinal involvement and immune imbalance".World J Gastroenterol (Review).20 (29): 9942–9951.doi:10.3748/wjg.v20.i29.9942.PMC 4123375.PMID 25110424.
  18. ^Rutter M (2005). "Incidence of autism spectrum disorders: changes over time and their meaning".Acta Paediatr.94 (1): 2–15.doi:10.1111/j.1651-2227.2005.tb01779.x.PMID 15858952.
  19. ^Levy SE, Mandell DS, Schultz RT (2009)."Autism".Lancet.374 (9701): 1627–1638.doi:10.1016/S0140-6736(09)61376-3.PMC 2863325.PMID 19819542.
  20. ^Johnson CP, Myers SM (2007)."Identification and evaluation of children with autism spectrum disorders".Pediatrics.120 (5): 1183–1215.doi:10.1542/peds.2007-2361.PMID 17967920. 8 February 2009 දිනමුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  21. ^Helt M, Kelley E, Kinsbourne M, Pandey J, Boorstein H, Herbert M, Fein D (December 2008)."Can children with autism recover? If so, how?".Neuropsychology Review.18 (4): 339–366.CiteSeerX 10.1.1.695.2995.doi:10.1007/s11065-008-9075-9.PMID 19009353. 2019-10-17 දින පැවති මුල් පිටපත වෙතින්සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය2020-08-06.
  22. ^Silverman C (2008). "Fieldwork on another planet: social science perspectives on the autism spectrum".BioSocieties.3 (3): 325–341.doi:10.1017/S1745855208006236.
  23. ^Frith, Uta (October 2014)."Autism – are we any closer to explaining the enigma?".The Psychologist. Vol. 27.British Psychological Society. pp. 744–745. 2019-05-10 දිනමුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය2020-08-06.
  24. ^abcNewschaffer CJ, Croen LA, Daniels J, Giarelli E, Grether JK, Levy SE, Mandell DS, Miller LA, Pinto-Martin J, Reaven J, Reynolds AM, Rice CE, Schendel D, Windham GC (2007). "The epidemiology of autism spectrum disorders".Annual Review of Public Health.28: 235–258.doi:10.1146/annurev.publhealth.28.021406.144007.PMID 17367287.
  25. ^ab"ASD data and statistics". CDC.gov. 18 April 2014 දිනමුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය11 July 2016.
  26. ^Lyall K, Croen L, Daniels J, Fallin MD, Ladd-Acosta C, Lee BK, Park BY, Snyder NW, Schendel D, Volk H, Windham GC, Newschaffer C (March 2017)."The changing epidemiology of autism spectrum disorders".Annual Review of Public Health.38: 81–102.doi:10.1146/annurev-publhealth-031816-044318.PMC 6566093.PMID 28068486.
"https://si.wikipedia.org/w/index.php?title=ඔටිසම්&oldid=744831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2026 Movatter.jp