Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ඉතාලිය

විකිපීඩියා වෙතින්
Italian Republic

Repubblica italiana  (ඉතාලි)
Italy හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Il Canto degli Italiani  (ඉතාලි)
"The Song of the Italians"
 ඉතාලිය  (dark green) හි පිහිටීම – in Europe  (light green & dark grey) – in the European Union  (light green)  –  [Legend] තුල
 ඉතාලිය  (dark green) හි පිහිටීම

– inEurope  (light green & dark grey)
– in theEuropean Union  (light green)  –  [Legend] තුල

අගනුවර
සහ විශාලතම නගරය
Rome
නිල භාෂා(ව)Italiana
ජාති නාම(ය)Italian
රජයUnitaryparliamentary
constitutional republic
Sergio Mattarella
Matteo Renzi
ව්‍යවස්ථාදායකයParliament
Senate
Chamber of Deputies
Formation
17 March 1861
2 June 1946
• Founded theEEC(now theEuropean Union)
1 January 1958
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
301,338 km2 (116,347 sq mi) (72nd)
• ජලය (%)
2.4
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
60,795,612[1] (23rd)
• 2011 ජන සංගණනය
59,433,744[2] (23rd)
• ඝණත්වය
201.7/km2 (522.4/sq mi) (63rd)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.174 trillion[3] (12th)
• ඒක පුද්ගල
$35,665[3] (32nd)
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.819 trillion[3] (8th)
• ඒක පුද්ගල
$29,847[3] (27th)
ගිනි (2011)31.9[4]
මධ්‍යම
මාසද (2013)Steady 0.872[5]
ඉතා ඉහළ · 26th
ව්‍යවහාර මුදලEuro ()b (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය39c
ISO 3166 codeIT
අන්තර්ජාල TLD.itd
  1. French is co-official in theAosta Valley;Slovene is co-official in theprovince of Trieste and theprovince of Gorizia; German andLadin are co-official inSouth Tyrol.
  2. Before 2002, theItalian Lira. The euro is accepted inCampione d'Italia, but the official currency there is theSwiss Franc.[6]
  3. To callCampione d'Italia, it is necessary to use the Swiss code+41.
  4. The.eu domain is also used, as it is shared with otherEuropean Union member states.

ඉතාලියේ නිල නාමයඉතාලි ජනරජය යන්නය. ඉතාලිය කොටසක්යුරෝපා මහාද්වීපයේ ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීප‍යේ ද,මධ්‍යධරණී මුහුදේ 'සිසිලිය' සහ 'සාඩීනියාව' යන විශාලතමදූපත් දෙකෙහිද ව්‍යාප්තව තිබේ. ඉතාලිය එහි උතුරු දිග 'ඇල්පයින්' මායිම,ප්‍රංශය,ස්විට්සර්ලන්තය,ඔස්ට්‍රියාව සහස්ලෝවේනියාව යන රටවල් සමඟ පොදුවේ පරිහරණය කරයි.ස්වාධීන රාජ්‍යයන් වනසැන් මැරිනෝ සහවතිකානු පුරවරය,ඉතාලියානු අර්ධද්වීපය තුළ ඉන් වට වී පිහිටා තිබේ. කැම්පියොන් සී ඉටාලියා' (Campione d' Italia) යන ස්වාධින රාජ්‍යය, ස්විට්සර්ලන්තයේ පිහිටියකි. ඉතාලි රාජ්‍යයයෙන්, වර්‍ග කි.මී. 301338 ක භූමි ප්‍රමාණයක් ආවරණය කෙරේ. එහිසෘතුමය සමශීතෝෂ්ණ දේශගුණයක් බලපැවැත්වේ. මිලියන 60.2 ක ජනතාවකට වාසභූමිය වන ඉතාලිය, යුරෝපයේ වැඩිමජනගහනයක් වෙසෙන හයවන රටද , ලෝකයේ ම විසිතුන් වැනි රට ද වන්නේ ය. වත්මනෙහි ඉතාලිය නමින් දන්නා භූමි ප්‍රදේශය යුරෝපීය සභ්‍යත්වයේ සහ එට්‍රස්කන්ස් (Etruscans) හාරෝමවරුන් වැනි ජනතාවකගේ සමාරම්භක ස්ථානය වුයේය. ඉතාලියේ අගනුවර වනරෝමය, ශතවර්ෂ ගණනාවක් තිස්සේරෝම අධිරාජ්‍යයේඅගනගරය වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය වුයේය. එහි ඇද වැටීමෙන් පසු අනේකවිධ විදේශිය ආක්‍රමණිකයන්,ලොම්බාර්ඩ්ස්, (Lombards) සහ 'ඔස්ට්‍රොගෝත්ස්' (Ostrogoths) වැනි ජර්මානු ගෝත්‍රිකයින්ගේ සිටනෝමන්වරු දක්වා ද වූ අතර, පසුව පැමිණි අනෙකුත් ආක්‍රමණිකයින් අතර 'බයිසන්තින් ' (Byzantines) වරුද වුහ.යුරෝපීය චින්තනය හැඩගස්වන, පසු කාලීන ක්‍රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන, අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූයුරෝපීය කලා ශිල්ප පුනරුදය (Renaissance) ඇරඹෙන ජන්ම භූමිය බවට සියවස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි.පශ්චාත් රෝමන් ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට ඉතාලිය, සාඩිනියා හා සිසිලි දූපත් ද්වයේ රාජධානිය සහ මිලාන් වසම වැනි වූ විවිධ රාජධානි හා නාගරික ප්‍රාන්ත වශයෙන් කැබලි වලට වෙන් වී ගියේ ය.

'රිසෝගිමෙන්ටෝ' (Risorgimento) නමින් දන්නා, ඉතිහාසයෙහි කැළඹිලි සහිත උද්ඝෝෂණාකාර කාලපරිච්ඡේදයක් වූ 1861 වසරේ දී ඉතාලිය ඒකාබද්ධ විය. 19 වන සියවස අග භාගයේ දී ‍පළමුවන ලෝක යුද්ධ සමය පුරා සහදෙවන ලෝක යුද්ධය දක්වා ඉතාලියද යටත් විජිත අධිරාජ්‍යයක්ව සිටියේය. එහි පාලනයලිබියාව,එරිත්‍රියාව,ඉතාලි සෝමලිලන්තය,ඉතියෝපියාව,ඇල්බේනියාව,රොඩේස් ,ඩොඩකනීස් (The Dodecanese) සහ, දෙරටේ කැමැත්තෙන් වෙන්කරගත්චීනයේ 'ටියාන්ජින්' (Tianjin) යන, රටවල් හා ප්‍රදේශයන් දක්වා විහිද පැවතියේ ය.

නූතන ඉතාලිය,ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන අතර, ලෝකයේ අධිසංවර්ධිත රටවල් අතුරින් 18 වන ස්ථානය ගනී. ලෝකයේ ජීවන යහගුණ දර්ශක අගය අනුව (Quality of life Index rating) ඊට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයකි. ඉතාලි වැසියන් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විදින අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ඉහල නාමික අගයක්ද පවත්වාගෙන යයි..

වර්තමානයේ හඳුන්වනු ලබන ආකාරයටයුරෝපා සංගමයේ ද,උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ ද, ඉතාලිය ආරම්භක සාමාජිකයෙක් වන්නේය. 8 කණ්ඩායමටද (G8) සහ 20 කණ්ඩායමට ද (G20), ඉතාලිය සාමජික රටක් ලෙස ඇතුලත් වෙයි. ලෝකයේ සත්වන විශාලතම නාමිකදළ දේශීය නිෂ්පාදිතය, දසවන ඉහලම මිලදීගැනීමේ හැකියාවේ අගය ද සහ ලොව වාර්තාවන පස්වන ඉහලමඅයවැයද දක්නට ලැබෙන්නේ ඉතාලියෙහි මය.ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ,ලෝක වෙළඳ සංවිධානයේ,යුරෝපා සංගමයේ සහබටහිර යුරෝපා සංගමයේ ද සාමාජික රටක් වන්නේය. ඊට වැඩිමනක් වශයෙන් ආරක්ෂාව සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය අනුව බැලු විට ඉතාලිය ලෝකයේ අටවන ස්ථානය ගන්නා අතර,නේටෝ සංවිධානයේන්‍යෂ්ටික අවි, හවුලේ අයිතිව සිටී.

යුරෝපීය සහ ගෝලීය හමුදාමය, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉතාලිය ඉටුකරයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය,ලෝක ආහාර වැඩ සටහන,කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල, ගෝලීය සංසඳය හානේටෝ ආරක්ෂක විද්‍යාලය යන මුලස්ථාන රෝමයේ පිහිටුවා ඇති සංවිධාන හා ඉතාලිය අනුබද්ධිතව සිටී. මෙරටෙහි යුරොපීය දේශපාලනමය සමාජමය හා ආර්ථිකමය බලපැම් හේතු කොට ගෙන ඉතාලියඑක්සත් රාජධානිය,ප්‍රංශය,ජර්මනිය සහරුසියාව, හැරුනු කොට කලාපයෙහි මහබලවතෙකු බවට පත්ව සිටී.

හමුදාමය හා ආර්ථික බලය (Hard Power) පිළිබඳව කරන ලද අධ්‍යයනයකට අනුව ඉතාලිය එකොළොස් වන ලෝක ව්‍යාප්ත ජාතික බලවතා බවට වාර්ත කර තිබේ. ඉහලඅධ්‍යාපන මට්ටමක් ද, ඉහල ශ්‍රම බලකායක් ද ඉතාලිය සතුවෙයි. ගෝලීයකරණය වූ ජාතියක් වන ඉතාලිය, 2009 වසරේ හය වන ජාත්‍යන්තර හොඳම කීර්තිමත් රට වශයෙන් තේරිනි. ලෝකයේ ඉහලම ජිව්‍ය කාලය වාර්තා වන රටවලින් 19 වන ස්ථානයද, දෙවන හොඳම සෞඛ්‍ය සේවය පිරිනමන රට ලෙසද, ඉතාලිය පත් ව තිබේ. මිලියන 43.7 ක විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව සලකා බැලූ කළ ඉතාලිය ලෝකයේ සංචාරකයින්ගේ පැමිණීම අතින් පස්වන තැන ගනී. මේ දක්වා වැඩිමයුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි දක්නට ලැබෙන රටවල් අතරින් සත්වන ස්ථානය ගන්නා ඉතාලිය, කලා ශිල්ප,විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව, චිරාගත සම්ප්‍රදායන් පිළිබඳව සාඩම්බර වෙයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^"National demographic balance, year 2014".ISTAT. සම්ප්‍රවේශය16 June 2015.
  2. ^"Census 2011 – final results"(PDF).ISTAT. සම්ප්‍රවේශය19 December 2012.
  3. ^abcd"Italy". International Monetary Fund. සම්ප්‍රවේශය October 2015.{{cite web}}:Check date values in:|accessdate= (help)
  4. ^"Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය13 August 2013.
  5. ^"2014 Human Development Report Summary"(PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය27 July 2014.
  6. ^"Comune di Campione d'Italia". Comune.campione-d-italia.co.it. 14 July 2010. සම්ප්‍රවේශය30 October 2010.
ජාත්‍යන්තර
ජාතික
භූගෝලීය
ශාස්ත්‍රීය
කලාකරු
ජනයා
වෙනත්
"https://si.wikipedia.org/w/index.php?title=ඉතාලිය&oldid=433690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp