Movatterモバイル変換


[0]ホーム

URL:


Jump to content
විකිපීඩියා
හොයන්න

ඇඩෙල්

විකිපීඩියා වෙතින්
Adele

Adele holding a microphone singing
ඇඩෙල් ඇගේAdele Live 2016 ප්‍රසංගයේ ගායන ඉදිරිපත් කරමින්, මාර්තු 2016
උපත
ඇඩෙල් ලෝරි බ්ලූ ඇඩ්කින්ස්

5 මැයි 1988 (1988-05-05) (වයස 36)
ටොට්න්හැම්, ලන්ඩන්, එංගලන්තය
උගත් ශාස්ත්‍රාලයප්‍රාසාංගික කලාව සහ තාක්ෂණය සඳහා වූ BRIT පාසල(2006)
රැකියාව
  • ගායනය
  • ගීත රචනය
ශුද්ධ වත්කම£85 මිලියන (2016 ඇස්තමේන්තුව)[1]
සහකරුවා(වන්)සයිමන් කොනෙකි (2011–වර්තමානය)
දරුවන්1
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩ
  • Vocals
  • ගිටාරය
  • කීබෝඩ්ස්
  • බේස් ගිටාර්
  • ඩ්‍රම්ස්[4]
සක්‍රීය වර්ෂ2006–වර්තමානය
ලේබල
වෙබ් අඩවියadele.com

ඇඩෙල් ලෝරි බ්ලූ ඇඩ්කින්ස් (උපත: 1988 මැයි 5) ඉංග්‍රීසි ජාතික ගායිකාවක සහ ගීත රචිකාවියක වෙයි. ඇය 2006 වසරේ දී ප්‍රාසාංගික කලාව සහ තාක්ෂණය සඳහා වූ BRIT පාසලෙන් උපාධිය ලැබුවාය. ඇගේ මිතුරියක විසින් ඇගේ සංගීත ආදර්ශනයක් (Demo)මයිස්පේස් සමාජ ජාලයෙහි ප්‍රචාරය කිරීමෙන් පසු, 2006 වසරේදීම ඇඩෙල්XL රෙකෝඩින්ස් ආයතනය විසින් පටිගත කිරීමේ ගිවිසුමක් භාර දෙනු ලැබුවාය. 2007 වසරේදී ඇයBBC සවුන්ඩ් ඔෆ් 2008 ජයග්‍රහණය කරනු ලැබුවාය. 2009 වසරේ පැවති 51 වන වාර්ෂිකග්‍රැමී සම්මාන උළෙලේදී Best New Artist සහ Best Female Pop Vocal Performance සඳහා ඇය සම්මාන ලැබුවාය.

ඇඩෙල්, '21' නමින් හැඳින්වෙන ඇයගේ දෙවන ඇල්බමය 2011 වසරේ මුල් බාගයේ දී නිකුත් කළාය. එම ඇල්බමය සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණු අතර "වසරේ ඇල්බමය" ඇතුළුග්‍රැමී සම්මාන 6 ක්, "වසරේ බ්‍රිතාන්‍ය ඇල්බමය" ඇතුළු Brit සම්මාන 2 ක් සහ "ඇමරිකානු සංගීත සම්මාන" 3 ක් දිනා ගන්නට සමත් විය.එක්සත් රාජධානිය තුළ 16 වතාවක් ප්ලැටිනම් සහතික ලබා ගත් එම ඇල්බමය එදා මෙදා තුර බ්‍රිතාන්‍යයේ සිව්වන වැඩිම අලෙවියක් සහිත ඇල්බමය ද විය.එක්සත් ජනපදය තුළ, 1985 සිට නිකුත් වූ වෙනත් ඕනෑම ඇල්බමයකට වඩා වැඩි කාලයක් මුල් ස්ථානයේ රැඳෙන්නට "21" ඇල්බමය සමත් වූ අතර එය එක්සත් ජනපදය තුළඩයමන්ඩ් සහතික ලබා ඇත. ලෝකය පුරා එහි පිටපත් මිලියන 31 ක් අලෙවි වී ඇත.

"21" ඇල්බමයේ සාර්ථකත්වය නිසාගිනස් ලෝක වාර්තා පොතෙහි වාර්තා කිහිපයකට සුදුසුකම් ලබන්නට ඇඩෙල් සමත් වූවා ය. "බිල්බෝඩ් හොට් 100" දර්ශකයේ හොඳම ඒකල ගීත 10 අතර එකවර තම ගීත 3 ක් ඇතුළත් කිරීමට සමත් වූ ප්‍රථම ගායිකාව ඇය යි. එමෙන්ම "බිල්බෝඩ් 200" දර්ශකයේ හොඳම ගීත ඇල්බම 5 අතරට තම ගීත ඇල්බම දෙකක් සමගාමීව ඇතුළත් කර ගැනීමට සමත් වූ ප්‍රථම කාන්තාව සහ "බිල්බෝඩ් හොට් 100" ගීත දර්ශකයේ හොඳම ගීත 5 අතරට තම ගීත දෙකක් ඇතුළත් කර ගැනීමට සමත් වූ ගායිකාව වශයෙන් ද ඇඩෙල් ගේ නම ගිනස් වාර්තා අතරට එක්වෙයි. UK සහ US ගීත ඇල්බම් දර්ශක වල වැඩිම කාලයක් ප්‍රථම ස්ථානයේ රැඳෙන්නට සමත් වූ කාන්තා කලාකරුවෙකුගේ ගීත ඇල්බමය වන්නේ ද "21" ගීත ඇල්බමය යි. 2012 වසරේ දී ඇයSkyfall නමැති ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය සඳහා එම නමින්ම යුතු "Skyfall ගීතය" ලියා පටිගත කළාය. එම ගීතයඇකඩමි සම්මානයක්, ග්‍රැමී සම්මානයක් සහ හොඳම මුල් ගීතය සඳහාගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගත්තේය. වසර තුනක විරාමයකින් පසු 2015 වසරේ දී ඇඩෙල් ඇයගේ තෙවන ගීත ඇල්බමය "25" නිකුත් කලාය. එය වසරේ වැඩිම අලෙවියක් සහිත ගීත ඇල්බමය බවට පත් වූ අතර UK සහ US වල "පළමු සතියේ අලෙවිය සඳහා වූ වාර්තා" බිඳ දැමීමට සමත් විය. එහි එන "Hello ගීතය", නිකුත් වූ පළමු සතිය තුල දී ම ඩිජිටල් පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ පළමු ගීතය බවට පත් විය.

2011 සහ 2012 වසර වලදී බිල්බෝඩ් "වසරේ කලාකරු" ලෙසට ඇඩෙල් නම් කරන ලදී. 2012 වසරේදීVH1: "සංගීත ක්ෂේත්‍රයෙහි විශිෂ්ටතම කාන්තාවන් 100" ලැයිස්තුවෙහි 5 වන ස්ථානයෙහි ඇගේ නම සටහන් විය.Time සඟරාව 2012 සහ 2016 වසර වලදී "ලොව වඩාත් බලගතු (Influential) පුද්ගලයන්" ලැයිස්තුවට ඇගේ නම ඇතුළත් කරන ලදී. මිලියන 100 කට වඩා වැඩි අලෙවි වාර්තා සමගින් ඇඩෙල්,ලොව වැඩිම අලෙවියක් සහිත කලාකරුවෙක් ද වෙයි.

මුල් කාලීන දිවිය

[සංස්කරණය]

ඇඩෙල් ලෝරි බ්ලූ ඇඩ්කින්ස් 1988 මැයි 5 වනදා ටොට්න්හැම්, ලන්ඩන් හිදී පෙනී ඇඩ්කින්ස් නම් ඉංග්‍රීසි ජාතික මවකට හා මාර්ක් එවන්ස් නම් වේල්ස් ජාතික පියෙකුට දාව උපන්නාය. ඇඩෙල්ට වයස අවුරුදු 2ක් වන විට එවන්ස්, ඇය සහ මව හැර දමා ගියේය. ඇය ගායනය ඇරඹුවේ වයස අවුරුදු හතරේදී ය. වයසින් වැඩෙද්දී ඇඩෙල්, කියවීමට වඩා වැඩි කාලයක් ගීත ගායනයට වැය කළාය. ඇය අවසාන වරට කියවූ කෘතිය වූයේ වයස අවුරුදු 6 දී කියවූරෝල්ඩ් ඩාල් ගේමැටිල්ඩා කෘතිය යි. 1997 දී වයස අවුරුදු 9 ක් වූ ඇඩෙල් සහ, එවකට ලී බඩු නිපදවන්නියක සහ වැඩිහිටි-ඉගෙනුම් සංවිධායකවරියක ලෙස කටයුතු කළ ඇගේ මව, එංගලන්තයේ දකුණු වෙරල අසබඩ පිහිටි බ්‍රයිටන් හි පදිංචියට ගියහ.

අවුරුදු දෙකකට පසු, 1999 දී ඇඩෙල් සහ මව නැවතත් ලන්ඩන් - පළමුවබ්‍රික්ස්ටන් සහ පසුව ඒ ආසන්න දිස්ත්‍රික්කයක් වූබටහිර නෝර්වුඩ් - හි පදිංචියට පැමිණියහ. 2004 දී, වයස අවුරුදු 16 ක්ව සිටියදී ඈ විසින් රචනා කොට නිර්මාණය කළ ඇගේ ප්‍රථම පටිගත කිරීම වූ "Hometown Glory" සඳහා විෂයය වූයේ බටහිර නෝර්වුඩ් නගරය යි. ඇඩෙල් 2006 මැයි මාසයේ දී ප්‍රාසාංගික කලා සහ තාක්ෂණය සඳහා වූ BRIT පාසලෙන් උපාධිය ලැබුවාය.ලියෝනා ලුවිස් සහජෙසී J. එහි දී ඇගේ පන්ති සගයන් විය.

වෘත්තීය දිවිය

[සංස්කරණය]

2006-10: ඇරඹුම සහ 19

[සංස්කරණය]

උපාධිය ලැබීමෙන් සිව් මසකට පසු ඇය අන්තර්ජාල කලා ප්‍රකාශනයක් වනPlatformsMagazine.com සිව් වන කලාපයෙහි ගීත දෙකක් ප්‍රකාශයට පත් කළාය. පාසල් ව්‍යාපෘතියක් සඳහා ඇය සකස් කළ ගීත තුනක ආදර්ශනයක් මිතුරෙකුට ලබා දී තිබුණි. මිතුරා එම ආදර්ශනයමයිස්පේස් සමාජ ජාලය වෙත යොමු කර ඇති අතර එහි දී එය විශාල සාර්ථකත්වයකට පත් විය. ඒ හේතුවෙන්ම ඇඩෙල්ට XL Recordings හි ප්‍රධානියා වන රිචඩ් රසල් ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එවකට ඇය දැන සිටි එකම පටිගත කිරීමේ සමාගම වූයේ Virgin Records පමණක් වූ බැවින් තමන්ට ලැබුණු මේ අවස්තාව සැබෑවක්ද යන්න පිළිබඳව ඇඩෙල් සැක පහල කළාය. එබැවින් ඇය,හමුව සඳහා තම මිතුරියකද කැටුව ගියාය. XL හි නික් හගට් විසින් ඇඩෙල්ව September Management හි කළමනාකාර ජොනතන් ඩිකින්ස් ට හඳුන්වා දුන් අතර 2006 ජුනි වලදී, ඩිකින්ස් ඇයගේ නිල නියෝජිතයා බවට පත් විය. September එවකටJamie T කළමනාකරණය කරමින් සිටි අතර මෙය, එම බ්‍රිතාන්‍ය ගායක-ගීත රචකයාගේ විශාල රසිකාවියක වූ ඇඩෙල්ට විශාල පෙලඹවීමක් ඇති කරන ලදී. ඉන් පසුව 2006 සැප්තැම්බරයේදී හගට් ඇඩෙල්ව XL වෙත බඳවා ගත්තේ ය. ඇඩෙල්Jack Peñateගේ "My Yvonne" ගීතයට හඬ දායකත්වය ලබා දෙමින් සිටි කාල වකවානුවේදී ඇයට ඇගේ පළමු ඇල්බමය වූ 19 සහ, 21 ඇල්බමයේ ගීත සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දුන් නිෂ්පාදක ජිම් අබිස් ප්‍රථම වරට මුණ ගැසුණි. 2007 ජුනි මසදී ඇඩෙල් ප්‍රථම වතාවට රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූවා ය. ඒ BBC2 නාලිකාවේLater... With Jools Holland වැඩසටහනට යි. 2007 ඔක්තෝබර් මසදී ඇඩෙල්ගේ කඩයිම් ගීයක් වූ "Hometown Glory" නිකුත් විය.

වසර 2008 වන විට ඇඩෙල් වැඩිම ආකර්ෂණය දිනාගත් ගායන තාරකාව බවට පත්ව සිටියා ය. ඇය Brit Awards Critics' Choice දිනාගත් ප්‍රථමයා බවට පත් වූ අතරSound of 2008 නමැති BBC සංගීත විචාරක ඡන්ද විමසීමකදී 2008 වසරේ අංක එකේ භාවිකථනීය (Predicted) සාර්ථකම ඉදිරිපත් කිරීම ලෙස නම් කරන ලදී. ඇය විසින්ම රචනා කොට නිර්මාණය කළ ගීත බොහෝමයක් අඩංගු වූ "19" ඇල්බමය, බ්‍රිතාන්‍යයේ දර්ශක වල අංක එක බවට පත් විය. එම ඇල්බමය නම් කර ඇත්තේ එවකට ඇගේ වයස අනුව ය.The Times නවීන සංගීතය පිලිබඳ විශ්ව කෝෂය විසින් "අත්‍යවශ්‍ය - (Essential)"Blue-eyed soul (සුදු ජාතික කලාකරුවන් විසින් ඉදිරිපත් කරනRhythm and blue සහඅධ්‍යාත්මික සංගීතය සඳහා යෙදෙන යෙදුමක්) පටිගත කිරීමක් ලෙස19 නම් කරන ලදී. ඇඩෙල් ඇගේ දෙවන ඒකල ගීතය "Chasing pavements", 2008 ජනවාරි 14 දින නිකුත් කළාය. එම ගීතය UK දර්ශකයේ දෙවන ස්ථානය ලබා ගත් අතර සති හතරක් පුරාවට එම ස්ථානයේ රැඳී තිබුණි. 19 ඇල්බමය වෙනුවෙන් ඇඩෙල්ගේ නමමර්කරි ත්‍යාගය සඳහා නාමයෝජනා වී තිබුණි. තවද ඇය "හොඳම ජෑස් ඉදිරිපත් කිරීම" සඳහා Urban Music සම්මානය ද දිනා ගත්තාය. සාර්ථකම ඉදිරිපත් කිරීම වෙනුවෙන්Q සම්මාන නාම යෝජනාවක් ද ඇයට හිමි විය. එමෙන්ම හොඳම UK කාන්තා අංශය වෙනුවෙන් මියුසික් ඔෆ් බ්ලැක් ඔරිජින් නාමයෝජනාවක් ද හිමිවිය. ඇඩෙල් 2008 මාර්තු මාසයේදී කොලොම්බියා Records සහ XL Recordings සමඟ ඇගේ එක්සත් ජනපද සම්ප්‍රාප්තිය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කළාය. එම මාසයේදී ම ඇය, කෙටි උතුරු අමෙරිකානු සංචාරයක යෙදුණු අතර 19 ඇල්බමය ජුනි මාසයේදී US වල නිකුත් විය. "ඇගේ පරම්පරාව තුළ ඉතාම ගෞරවාන්විත සහ අනුභාවික ජාත්‍යන්තර කලාකරුවන් අතරට පත් වීමට සත්‍යවශයෙන්ම ඇඩෙල්ට හැකියාව පවතී" යනුවෙන් බිල්බෝඩ් සඟරාව ඒ පිළිබඳව සඳහන් කළේය.An Evening with Adele ලෝක සංචාරය 2008 මැයි මාසයේදී ආරම්භ වූ අතර 2009 ජුනි මසදී නිමාවට පත් විය.

පසුව ඇය "2008 US සංචාරය" අවලංගු කර දැමුවේ ඇගේ කලින් පෙම්වතා සමඟ කාලය ගත කිරීම සඳහා ය. 2009 ජුනි වලදී ඇයනයිලොන් සඟරාවට ප්‍රකාශ කලේ "මම හරියට, 'මට විශ්වාස කරන්නත් බැහැ මම ඒක කළා කියලා.' ඒක හොඳටම අකෘතඥ වීමක් විදියටයි පේන්නේ... මම ඉතාම දැඩි ලෙස බොමින් හිටියේ, අන්න ඒ වගේ සම්බන්ධතාවයක් තමයි ඒ පිරිමි ළමයත් එක්ක මට තිබුණේ. මට ඔහු නැතිව ඉන්න එක දරාගන්න බැරි වුනා, ඉතින් මම හරියට, 'හොඳයි, මම මගේ වැඩ අවලංගු කරල දානවා' වගේ වුණා." ඇය එම කාල පරිච්ඡේදය ඇගේ "මුල් දිවියේ අර්බුධ" ("Early life crisis") ලෙස හඳුන්වා ඇත. එමෙන්ම ගුවන් ගමන් වල යෙදීමට ඇය දක්වන අකමැත්ත සහ හුරුපුරුදුලන්ඩනයෙන් බැහැරව සිටින විට, නිවසින් ඈත් වීමේ පාළුව (Homesickness) නිසා ඇය කනස්සළු ස්වභාවයට පත් වීම වැනි කරුණු ප්‍රසිද්ධියට පත්ව ඇත. 2008 ඔක්තෝබර් මැද භාගය වන විට ඇඩෙල්ගේ US ආක්‍රමණය අසාර්ථක බවක් පෙනී ගිය නමුත් ඒ වන විට ඇයටNBC හිSaturday Night Live, 2008 ඔක්තෝබර් 18 වැඩසටහනට සහභාගී වීමට ආරාධනා කොට තිබුණි. එදින එම වැඩසටහනට, නියමිතව තිබූ පරිදි, US උප ජනාධිපති අපේක්ෂකසාරා පේලින් ද සහභාගී විය. වසර 14 ක ඉතිහාසය තුළ එම වැඩසටහනට ලැබුණු ඉහලම ප්‍රේක්ෂක ඇගයුම එදින ලැබුණේ මිලියන 17 ක නරඹන්නන් සංඛ්‍යාවක් ඒ වටා එක් වීමෙනි. එහිදී ඇඩෙල් "Chasing Pavements" සහ "Cold Shoulder" ගීත ගායනය කළාය. පසු දින වන විට 19 ඇල්බමය iTunes දර්ශක වල ඉහළට ම නැගි අතර Amazon.com හි පස්වන ස්ථානයට පත් වූයේ "Chasing Pavements" එහි හොඳම 25 අතරට එකතු වද්දී ය. එහිම ප්‍රතිඵලයක් ලෙස ඇල්බමය, බිල්බෝඩ් 200 දර්ශකයේ 11 වන ස්ථානයට පත් වූයේ පෙර සතියේ එය පැවති ස්ථානයෙන්, ස්ථාන 35 ක් ඉදිරියට පනිමිනි. 2008 නොවෙම්බර් මාසයේ දී ඇඩෙල්, තම මවගේ නිවසින් ඉවත්ව නොටින් හිල් වෙත පදිංචියට පැමිණි අතර එය ඇගේබීම අතහැරීම සඳහා පිටිවහලක් විය. RIAA විසින් 2009 පෙබරවාරි මාසයේ දී එම ඇල්බමයට ගෝල්ඩ් සහතික ලබා දුනි. 2009 ජුලි වන විට, ඇල්බමයේ පිටපත් මිලියන 2.2 ක් ලොව පුරා අලෙවි වී තිබුණි.

51 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේදී "හොඳම නවක කලාකරු" සඳහා ඇඩෙල් සම්මාන හිමි කර ගත්තාය. තවද වසරේ ගීතය සහ වසරේ පටිගතකිරීම සඳහා ද නාමයෝජනා ලැබූ "Chasing Pavements" ගීතය හොඳම කාන්තා පොප් ඉදිරිපත් කිරීම සඳහා සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙලේ දී ඇඩෙල් "Chasing Pavements" ගීතය, ජෙනිෆර් නෙට්ල්ස් සමගින් ඉදිරිපත් කළාය. 2010 දී "Hometown Glory" ගීතය වෙනුවෙන් ඇඩෙල්, හොඳම කාන්තා පොප් ඉදිරිපත් කිරීම සඳහා නාමයෝජනා ලැබුවාය. අප්‍රේල් මාසයේදී ඇගේ "My Same" නමැති ගීතය ජර්මන් ගීත දර්ශකයට ඇතුළත් විය. ඒ, එම ගීතය ලීනා මෙයර්-ලැන්ඩ්රට් විසින් Unser Star für Oslo හෙවත්ඔස්ලෝ සඳහා අපේ තරුව නමැති තරඟාවලියක දී ගායනා කිරීමෙන් පසුව ය. එම තරඟාවලිය පැවැත්වූයේ 2010යුරෝවිෂන් සංගීත තරඟාවලිය සඳහාජර්මනිය නියෝජනය කරනුයේ කවරෙක්දැයි තෝරා ගැනීම සඳහා ය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^"Adele Named U.K.'s Wealthiest Female Musician". Billboard. 21 April 2016. සම්ප්‍රවේශය21 April 2016.
  2. ^Cairns, Dan (1 February 2009)."Blue-eyed soul: Encyclopedia of Modern Music".The Sunday Times. 16 June 2011 දිනමුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. ^"Adele: New Record is 'Quite Different'".Spin. 2 November 2010. සම්ප්‍රවේශය8 May 2011.
  4. ^Adele Carpool Karaoke. 13 January 2016. සම්ප්‍රවේශය8 February 2016 – via YouTube.
"https://si.wikipedia.org/w/index.php?title=ඇඩෙල්&oldid=549328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග:
සැඟවුණු ප්‍රවර්ග:

[8]ページ先頭

©2009-2025 Movatter.jp